මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති තනතුර බාරගැනීම සැබවින්ම විකෘති තත්ත්වයක් බවත්, එවැනි විකෘතීන් වැළැක්වීමට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අයකුට අග්‍රාමාත්‍ය ධූරය හිමිවීම වැළැක්වීම සඳහා වූ යෝජනාවක් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බවත් සිවිල් සංවිධාන වෙතින් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
ඒ අනුව මෙම යෝජනාව සිවිල් සංවිධාන විසින් සමගි ජන බලවේගයට, ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ ජාතික සන්ධානය වෙත මේ වන විටත් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අනුව 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් රනිල් වික්‍රමසිංහට තව දුරටත් අගමැති ධූරය දැරීමට නොහැකිය. ඒ ඔහු පසුගිය මහා මැතිවරණයෙන් පැරදුනු අපේක්ෂකයෙකු වීම සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙකු විම නිසා ය.