21 අපි පාසල් නොඑන්න තීරණය කළා…! 25 ඇවිත් උගන්වනවා…! – ගුරු සංගම්…

October 18, 2021 at 11:43 am | by emanisa.lk

ලබන 21 වන දින රජය පාසල් ආරම්භ කරන බව ප්‍රකාශ කළ ද තමන් පාසල් වෙත වාර්තා නොකරන බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය පවසයි.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසන්නේ එළඹෙන 21 වන දා සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කිරීමට ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ය.

කෙසේ වුව ද එළඹෙන 25 වෙනිදා ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බවත් සිය අරගලය දිගට ම ක්‍රියාත්මක කරන බව ද ඔවුහු අවධාරණය කරති.

මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *