21ට පොහොට්ටුවේ සහාය දෙන්න සූදානම්…! – මහින්ද…

June 15, 2022 at 4:12 pm | by emanisa.lk

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධන ඇතුළත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මෙම අදහස් පල කළ බවය.

එම සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බව ද මහින්ද රාජපක්‍ෂ පවසා ඇති අතර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීමට ප්‍රශ්නයක් නැතත් ජනතා බලයක් නැති අගමැති කෙනෙකුට විධායක බලතල පත්වීමට විරුද්ධ බව ද හෙතෙම පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *