අද ජනපති විශ්වාස කරලා ව්‍යවස්ථා සංශෝධන එපා! රටට ඕන නව ව්‍යවස්ථාවක්! ආණ්ඩුව ගැන මම කළකිරිලා! – ඇල්ලේ හිමි

September 19, 2020 at 8:34 am | by emanisa.lk

වත්මන් නායකත්ව මත පමණක් විශ්වාසය තබා නව ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැළපෙන ලෙස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සුදුසු නොවන බව එහිමියන්ගේ මතයයි.

සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවද උන්වහන්සේ සඳහන් කළහ.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීමට නොහැකි බවත් මෙවන් පැලැස්තර විසඳුම් නොව අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් යයි ද උන්වහන්සේ පැවසූහ.

අද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කනගාටු වන බව ද උන්වහන්සේ කියා සිටියහ.

හිරු නාළිකාව සමග පැවති සාකච්ඡාවක දී ඇල්ලේ හිමි මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස