2030 වන විට මේ රටේ සක්විති රජකු පහළ වන බව කොරෝනා පැණිය හැදූ ආධ්‍යාත්මක වේදී රිටිගල දේවින්ද පවසයි.
ඇතමුන් දියසේන කුමාරයා නමින් හඳුන්වන පුද්ගලයා ඔහු බවත් රිටිගල දේවින්ද පවසයි.
එම සක්විති රජු විසින් රට දැවැන්ත ආර්ථික,සංස්කෘතික, මානව,සංවර්ධනයක් කරා රැගෙනයන බවද හෙතෙම සඳහන් කරයි.
මේ අතර 2030 සක්විති රජුගේ පහළ පහළවීමත් සමග රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව රිටිගල දේවින්ද මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් 2025 නැවත රටේ ජනාධිපති වරයා බවට පත්වන්නේ රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් බවත් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව ද ඒ මහතා සඳහන් කරයි.
මේ අතර සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට රටේ ඉදිරියේ දී පාලන බලයක් ලබා ගැනීමට නොහැකි බව රිටිගල දේවින්ද මවැඩි දුරටත් පවසයි.