2015 මහින්ද දුන් ආදර්ශය අනුව කටයුතු කරන්න! අගමැති රනිල් වහාම ඉල්ලා අස් වී ජනමතයට ඉඩදෙන්න! – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

November 18, 2019 at 3:31 pm | by emanisa.lk

ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ කීහ.

“නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති නිර්බාධකව ඉදිරියට පවත්වාගෙන යාමට සහායෝගය අත්‍යවශ්‍යයි. වත්මන් රජයේ ඇමතිවරුන් පිරිසක් සියධූරවලින් ඉල්ලා අස්වීම අපි ඉතා අගය කර සලකනවා. ඒත් එක්කම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ පූර්වාදර්ශය ගතයුතු බවයි අපේ හැඟීම.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයාට සිය කටයුතු කරගෙන යාමට විශ්වාසවන්න අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට අවස්ථාව ලබා දියයුතුයි.

අපි දැක්කා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වූ අවස්ථාවේ එයාට කැමති අගමැතිවරයෙක් කැබිනට් එකක් පත්කරගන්න අවස්ථාව දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් ආදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුණොත් දේශපාලන අර්බුදයක්, අවුලක් අපිට නැවතත් දකින්නට ලැබෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස