2015 බැරි වූ සංහිඳියා කාර්යාලය යළි එයි…!

November 19, 2022 at 7:02 am | by emanisa.lk

සත්‍ය සහ සංහිඳියා කාර්යාලය යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී ඇත.

සත්‍ය හා සංහිදියා කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාව වෙත යොමු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ජනපති රම්පෝසා වෙත දැනුම් දී තිබේ. සත්‍ය හා සංහිදියා කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බවද ජනපති සිරිල් රම්පෝසා මෙහිදී පවසා ඇත.

ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිදියාවක් ඇති කර ගැනීමට සත්‍ය හා සංහිදියා කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව 2015 යහපාලන රජය සමයේ ඉදිරිපත් කරන ලද්දේ එවක අගමැති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසිනි. දකුණු අප්‍රිකාව කලු සුදු බේදය අවසන් කළ ආකාරයට මෙරට ප්‍රජාවන් අතර සංහිදියාව ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්යාලයේ අරමුණ වේ.

සත්‍ය හා සංහිදියා කාර්යලයක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාව පැවැත්වුනේ ඉකුත් බ්‍රහස්පතින්දා කටුනායක ගුවන් හමුදා අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ දීය. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජී. 20 සමුළුව අවසන් කොට නැවත සිය රට බලා යද්දී කෙටි විවේකයක් ගැනීමට මෙරටට පැමිණියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස