කාදිනල් බෝම්බ පුපුරන තුරු සංහිඳියාව මැතිරුවා…! පාස්කු විනාශය අපි කලින් ද දැක්කා…! හැමෝට ම කලින් පාස්කු කොමිසම් වාර්තාව අපට ඕන….!

February 24, 2021 at 11:06 am | by emanisa.lk

2012 පමණ සිට මුස්ලිම් අන්තවාදයට එරෙහිව තමන් සටන් කරන විට කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය නිහඬව සිටි බව බොදුබල සේනා සංවිධානය පවසයි.

අද කාදිනල්තුමා ඇතුළු පිරිසට වැළඳී ඇති රුදාව එදා තිබුණේ නම් පාස්කු ප්‍රහාරයක් සිදු නොවන්නට ඉඩ තිබූ බව එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පෙන්වා දෙයි.

එකල කාදිනල්තුමා සංහිඳියාව ජාතික සමඟිය පිළිබඳ කතා කරමින් සිටි බවත් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කතා කළ තමන්ට එරෙහි වූ බවත් සිහිපත් කළහ.

කුරාණය යනු බයිබලයේ දිගුවක් බවත් මේ නිර්මාණවාදී ආගම් දෙක එක ම කාසියේ දෙපැත්ත බවත් එහිමියන් අවධාරණය කළහ.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව කාදිනල්ට වඩා දෙයක් තමන් කළ බවත් එහෙයින් කාදිනල්ට පෙර පාස්කු කොමිසම් වාර්තාව තමන් වෙත ලබා දිය යුතු බවත් ඥානසාර හිමි ප්‍රකාශ කළේ ය.

කාදිනල් තමන්ගේ තරම දැනගෙන කටයුතු කළ යුතු බවත් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට ජනාධිපතියාට තව කාලයක් දිය යුතු බවත් එහිමියන් අවධාරණය කළහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *