රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කරමින් වසර හයකට පෙර නවගත්තේගම ඉදිකළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල්බිහිවී විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇත.
මේ ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය ජල විදුලි පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විසි දහසකට ආසන්න ජනතාවක් වෙත සෞඛ්‍යය පහසුකම් ලබාදීමේ අරමුණින් ඉදිකළ මේ අංග සම්පුර්ණ ගොඩනැගිල්ල වසර හයක් පුරා අතහැර දැමීම ජනතාවට කරනු ලබන අසාධාරණයක් බව ඔවුහු පවසති.
මේ කාර්යාලය විවෘත නොකිරීම හේතුවෙන් ඊට සැතපුම් විසිපහකට පමණ දුරින් පිහිටි කරුවලගස්වැව සෞඛ්‍යය සේවා කාර්යාලය මගින් ප්‍රදේශයේ ජනතාවට සේවය ලබාගැනීමට සිදුව තිබේ. නිසි ලෙස ප්‍රවාහන පහසුකම් නොමැතිව ගැබිනි මවුවරුන් සේවා ලබා ගැනීමට එම ප්‍රදේශයට යායුතුව ඇත්තේ ගැටලු රැසකට මුහුණ දෙමිනි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළේ තම ආණ්ඩුව විසින් ඉදිකළ දෑ වසර හතරක් ගත වුවද යහපාලන ආණ්ඩුවට විවෘත කරගත නොහැකි වූ බවය.