2005/2010 වගේ මුස්ලිම් ජනතාව ආයේ රවටන්න බෑ! රටේ කෝලාහළ ඇතිවෙන්නේ රනිල් බලයට ආවම! සිංහලයන් කැමති ගෝඨාට නම් මුස්ලිම් ජනතාවත් කැමති ඔහුටයි! – A.L.M අතාවුල්ලා (video)

July 1, 2019 at 10:48 pm | by emanisa.lk

රටේ බහුතර සිංහල ජනතාව ඉල්ලා සිටින නායකයෙක් තමන් ද බලාපොරොත්තු වන බව ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය A.L.M අතාවුල්ලා පවසයි.

තමා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයකු බව පැවසූ අතාවුල්ලා මහින්ද රාජපක්ෂ විසින් රටට ගැලපෙන නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු ගෝඨාභය රාජපක්ෂ නම් ඔහුට සහාය ලබා දෙන බව ද හෙතෙම පවසයි.

2005 සහ 2010 රවුෆ් හකීම්ලා මුස්ලිම් ජනතාව වැරදි මාර්ගවල යොමු කළ ද රනිල් වික්‍රමසිංහ බලයට පත් වූ පසු පන්සල් පල්ලි කඩන ජාතිවාදී ගැටුම් ඇති වන බව මුස්ලිම් ජනතාව අවබෝධ කරගෙන තිබේ යැයි ඔහු පවසයි.

ඇමති රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල වූ අවස්ථාවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම වැරදි බවත් අගමැති රනිල් රිෂාඩ්ට ඉල්ලා අස්වන ලෙස පැවසුවේ නම් ඔහු ඉල්ලා අස්වන බව ද පැවසූ අතාවුල්ලා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ උපවාසය ද අගමැති රනිල්ගේ සැලසුමක් බව ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමත් සමග පිට රට ඔත්තු සේවා රට පුරා පිරී ඇති බවත් එසා දෙමළ තරුණයන් මෙන්ම මෙදා මුස්ලිම් තරුණයන් ද යොදා ගෙන එම බුද්ධි අංශ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස