19 දුන්නා…20 දුන්නා….2/3ක් දුන්නා….! මිනිස්සු අපටත් එක්ක බනිනවා…! ආයේ 2/3ක් ගන්න හිතන්නවත් එපා…! ගැටඹේ නායක හිමි ජී.එල්ගේ මූණට ම කියයි…

April 5, 2021 at 7:41 am | by emanisa.lk

ආණ්ඩුව පත් කළ තමන්ට ද ජනතාවගෙන් බැනුම් ඇසීමට සිදුව ඇතැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය පිරිස් එම විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය දුන්න ඇතිවෙන්න. ආයෙමත් දෙන්න දෙයක් නෑ. තුනෙන් දෙකක් ආයි ගන්න තියා හිතන්නවත් බෑ. කෝ දැන් කිසි වැඩක් වෙන්නෙ නෑනෙ.

හැමෝම බලන්නෙ සාක්කු පුරවගන්න විතරයි. දැන් කියනවා කැලෑ කපන්නෙ නෑ කියලා. ඒ කියද්දිම ටීවී එකේ දානවා කැලෑ කපන හැටි. කිව්වා එක රටක් එක නීතියක් කියලා. දැන් එක රටක් බහු නීතියක්. දැං බලනකොට කිසි දෙයක් කරල නෑනේ. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවනේ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *