රට ගොඩදාන්න ගෙනා 19 අහෝසි කිරීමට සමගි බලේ විරුද්ධයි! – හර්ෂ ද සිල්වා

August 17, 2020 at 7:44 am | by emanisa.lk

19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියද අහෝසි වන බව සමගි බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. 

රට ඉදිරියට ගෙන යාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු කියාසිටියි.

ස්වාධීන කොමිසන් සභා, ජනපති නිල කාලය වසර 5ක් කිරීම සහ ජනපති වාර ගණන 2කට සීමා කිරීම, ද්විත්ව පුරවැසිභාවය ආදී රට ඉදිරියට ගෙන යාමට ගෙන ආ 19 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති වෙනස් නොකළ යුතු බව ද ඔහු කියා සිටියේය. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස