19න් ජනපති අගමැති විගණනය කළත් ස්වාධීන කොමිසන් සභා විගණනය තහනම්!

October 20, 2020 at 3:44 pm | by emanisa.lk

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිසන් සභා විගණනය සම්පූර්ණයෙන් තහනම් කර තිබූ බව අනාවරණය විය.

මහජනතාව තෝරා පත්කර ගන්නා ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය විගණනය කළ ද එවැනි වරමක් නොමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යටතේ පාලනය වන ස්වාධීන කොමිසන් සභා විගණනයට ඉඩ නොමැති වීම පුදුම සහගතය.

පසුගිය සමයේ කිසියම් ස්වාධීන කොමිසන් සභාවක් විගණනයට නිලධාරීන් පැමිණි අවස්ථාවේ ඒ සඳහා ඉඩ නොදුන් බව ද වාර්තා විය.

එසේ ම මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු සිය නිවසේ පරිහරණය සඳහා කොමිසමේ වාහන තුනක් වෙන් කර ගෙන තිබූ බව ද පසුගිය සමයේ වාර්තා විය.

විමල් වීරවංශ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස