154ට කොට කොට යන්න කාලය වැඩි කරනු..! බස් සේවකයින් විරෝධයේ…!

March 4, 2023 at 5:31 pm | by emanisa.lk

මාර්ග අංක 154 කිරිබත්ගොඩ සහ අඟුලාන අතර ධාවනය වන බසයකට ගමන් වාරයක කාලය වැඩි කරන ලෙස ඉල්ලා බස් සේවකයෝ අද විරෝධයක් පළ කළහ.

මෙම මාර්ගයේ දැනට පවතින ගමන් වාර කාලය පැය 1 විනාඩි 50 ක කාලය පැය 2 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද (4) දිනයේ බස් ධාවනයෙන් ඉවත්ව සේවකයෝ විරෝධයක නිරතව සිටියහ.

කිලෝ මීටර් 26 ක දුරින් යුත් කිරිබත්ගොඩ සහ අඟුලාන අතර ගමන් වාරයක් සඳහා අතීතයේ ලබාදී තිබූ පැය 1 විනාඩි 35 කි. බස් සේවකයින් ඉල්ලීම මත පසුව පැය 1 විනාඩි 50 දක්වා වැඩි කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල ඇතුලුව දෛනිකව විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා මෙම බස් මාර්ගයේ ධාවනය කෙරෙන බස් ඉබි ගමනින් ධාවනය කෙරෙන බවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් මගීන්ගෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *