14 හැවිරිදි දැරියක් බියර් බීලා ඉස්කෝලේ ඇවිත්..!

August 18, 2023 at 9:09 am | by emanisa.lk

බියර් පානය කර පාසැලට පැමිණි 14 හැවිරිදි සිසුවියක් සිය භාරයට ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමට කැකිරාව පොලිසිය කටයුතු කර තිබේ.

කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසැලක් අසල මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිසුවිය පිළිබඳ සැකසිතී සිය භාරයට ගෙන තිබේ.

මෙම සිදුවීම පිළිබඳ විමර්ශන කිරීමට අදාළ පාසලේ විදුහල්පතිවරයා සහාය ලබා දී නොමැති අතර ඒ පිළිබඳ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට පරිවාස නිලධාරිවරයා පැමිණිලි කර ඇත.

මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දැරියගේ මවගේ දෙවන විවාහක සැමියාගේ පියා විසින් දැරිය මත්පැන් පානයට යොමු කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *