13 අනුව බලය බෙදන්න වහාම පළාත් සභා මැතිවරණය තියන්න…! – ඉන්දියාව දැනුම් දෙයි..

August 27, 2023 at 8:44 am | by emanisa.lk

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති හමුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව, යුක්තිය සහ ආත්ම ගරුත්වය උදෙසා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන සංහිඳියා ක්‍රියාදාමයක් අපේක්‍ෂා කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් සහභාගී වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *