ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13 වන සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමක් සඳහා කටයුතු කරමින් ඇතැයි ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
මහ ලේකම්වරයා සඳහන් කළේ අනාගත ජනාධිපති සිහිනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ විවිධ ව්‍යාපෘති ඔස්සේ උතුරු නැගෙනහිර භූමිය ඉන්දියාවට භාර දෙන තත්ත්වයට පත්ව ඇති බවයි.
බලය බෙදීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ අරමුණ ද එය බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ නිසා සෙසු විදේශ රටවල් සමග තවත් අර්බුදයක් මතු විය හැකි බව ද දයාසිරි ජයසේකර සඳහන් කළේය.