09 වෙනිදා කොළඹ වටලන ජනතාවට කඳුලු ගෑස් ගැහුවොත් රටම ගිනි තියනවා…!

July 6, 2022 at 6:00 pm | by emanisa.lk

එළඹෙන 09 වෙනිදා කොළඹට විශාල ජන ගංගාවක් පැමිණෙන බව සමගි ජන බලවේග සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එම ජනතාවට කඳුලු ගෑස් ජල ප්‍රහාර එල්ල කර විසිරුවා හැරීමට කටයුතු කළහොත් පෑගී තෙරපී 100-200ක් මිය යා හැකි බවයි, ෆොන්සේකා ප්‍රකාශ කළේ.

එසේ වුවහොත් රට පුරා එදිනට ද ගිනිකෙළි දැකගත හැකි වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවූයේය.

එහෙයින් පොලිසිය මේ පිළිබඳ කල්පනා කළ යුතු බවත් ආණ්ඩුව ජනනතාවට එපා නම් එම අවස්ථාව විපක්ෂයට හිමි විය යුතු බවත් ෆොන්සකො අවධාරණය කළ අතර 09 වෙනිදා විරෝධතාව සාර්ථක වේවා යැයි ද ප්‍රකාශ කළේය.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව පැවසී්‍ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *