ෆොන්සේකාට වඩා ජාතික ආරක්ෂාව ගැන මම දන්නවා …! සති තුනෙන් සහරාන් කල්ලිය මරා දැමූ ජනපති මමයි…! – මෛත්‍රී…

January 19, 2023 at 2:23 pm | by emanisa.lk

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ඉල්ලා තමාට පිංසෙණ්ඩු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් පිරිනමන්නේ ලක්ෂ දෙකකට වැඩි හමුදාවක් පාලනය කළ හමුදාපතිවරයෙකුට බවත් සරත් ෆොන්සේකාගෙන් බේරෙන්නම බැරි තැන ඔහුට එම තනතුර ලබා දුන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

සිය හමුදා මූලස්ථානයට පැමිණ සතුරා පහර දී බඩවැල් පවා එළියට පැන, වෛද්‍යවරුන් නිසා දිවි ගලවා ගත් සරත් ෆොන්සේකාට ජාතික ආරක්ෂව පිළිබඳ කතා කිරීමට අයිතියක් නැති බව ද ඔහු සඳහන් කළේය.

සරත් ෆොන්සේකා රටේ මූලස්ථානය පමණක් නොව තම ශරීරය පවා සතුරාගෙන් රැකගන්නට අසමත් වූව ද තමා සහරාන් කල්ලිය සති තුනක් ඇතුළත සමූලඝාතනය කළ බවයි, මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ.

ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *