ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් තහනම් කරනවා…! – ඇමැති කෙහෙළිය…

May 7, 2021 at 9:46 am | by emanisa.lk

හිමිකරුවන් නොමැති ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

ඒවා අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.

එම ගිණුම් අත්හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමති අලි සබ්රි සහ තමන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද පැවසූ ඔහු අනුමැතිය ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසීය.

රටේ ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි පියවරයන් ගැනීම වැදගත් බවත් යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවන් පියවරයන් ගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *