ෆේම්බුක් බොරුකාරයින්ට රතු එළි….! සමාජ මාධ්‍යවල බොරු පැතිර වූ තරුණයෙක් අත්අඩංගුවට…!

April 29, 2021 at 8:17 am | by emanisa.lk

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පැතිර වු ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ වැඩිදුර විමර්ශනවල දී 19 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ සහ මහජන සාමය කඩවන ආකාරයේ පුවත් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට ඔහුට චෝදනා එල්ල වෙයි.

මෙහි දී අදාළ තරුණයාගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *