ෆෙඩරල් සරුංගල් අරින්න රනිල්ට කිසිම අයිතියක් නෑ…! – ගෙවිඳු….

December 8, 2022 at 9:12 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහට 69 ලක්ෂයේ ජනතා අපේක්ෂා නොතකා ෆෙඩරල්කරණය පිළිබඳ සාකච්ඡා කිරීමේ කිසිදු අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපතිවරයා පත්වන්නේ 69 ලක්ෂයේ ජනවරමෙහි අනුප්‍රාප්තිකයා ලෙස බවයි.

“ත්‍රස්තවාදය පරාජය කළ පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වටා 69 ලක්ෂයක ජනවරමක් නිර්මාණය කළේ, ත්‍රස්තවාදය ආයුධයක් කොට ගෙන බෙදුම්වාදය වෙනුවෙන් 13 වන සංශෝධනයේ පටන් ලබා ගත් සියලු ව්‍යවස්ථා සංශෝධන කප්පම් ප්‍රතික්ෂේප කොට ඒකීය රාජ්‍යය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහායි.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අද ෆෙඩරල් රාජ්‍යයක් පිළිබඳ කතා පවත්වන්නට හෝ ඒ පිළිබඳ අදහස් විමසන්න කිසි ම අයිතියක් නෑ. ඔහුගේ යුතුකම 69 ලක්ෂයක් ජනතාව ලබා දුන් ඒ ජන වරම වෙනුවෙන් පෙනී සිටීම සඳහා පමණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *