ෆාම් ඔයිල් තහනම නිසා දේශීය පොල්තෙල් කර්මාන්තය ධෛර්යමත් වෙනවා….! – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

April 6, 2021 at 9:19 am | by emanisa.lk

ෆාම් ඔයිල් ආනයනය සහ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කිරීම නිසා මේ රටේ පොල්තෙල් කර්මාන්තය ධෛර්යමත් වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

එමගින් ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක පොල්තෙල් ව්‍යාපාරය ප්‍රවර්ධනය වන බව ද එහි සභාපති රංජිත් විතානගේ පෙන්වා දෙයි.

ෆාම් ඔයිල් ඇතුළු ආනයනිත තෙල් වර්ග නිසා මේ රටේ සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තය අධෛර්යට පත්ව තිබූ බව ද ඔහු සඳහන් කරයි.

ෆාම් තෙල් ආනයනය තහනම් කිරීමත් සමඟ රටේ ආහාරමය තෙල් අවශ්‍යතාව සපුරාලීම සඳහා තව තවත් පොල්තෙල් නිෂ්පාදකයින් එකතු වනු ඇති බව ද රංජිත් විතානගේ ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *