ළමයින්ට තාවකාලිකව සිග්නල් ලබා දීමේ වැඩපිළිවෙළක්වත් ආණ්ඩුවට නෑ….! – සජිත්….

July 30, 2021 at 10:55 pm | by emanisa.lk

සිසු දරුවන් වෙනුවෙන් රටේ සිග්නල් නොමැති ප්‍රදේශ සඳහා තාවකාලිකව හෝ සිග්නල් ලබා දීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මුදල් නැතැයි කියන ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම සඳහා මුදල් ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

රනුක් වාර්තාව යටතේ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් රු. 3000-24000 දක්වා වැඩි කිරීමට තම ආණ්ඩුව සැලසුම් කර ගෙන තිබිය දී පාලන බලය අහිමි වූ බවත් අනාගත ආණ්ඩුවක් යටතේ එම ගැටලු විසඳන බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *