නුදුරේදීම මේ ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත්වීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බවත් හෙතෙම අනාවරණය කරයි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි, විශාල පිරිසක්, – තමුන්නාන්සෙලාට ඒ ගණන් කිව්වොත් එහෙම පිළිගන්න එකක්වත් නෑ – විශාල ගණනාවක් අද ආණ්ඩුවෙන් ඉවත් වෙන්නට අපිත් එක්ක කතා කරලා තියෙන්නෙ. සමහර කට්ටිය ඉතාමත්ම ඉක්මනින් ඉවත්වෙලා වෙනසක් කරන්නට හදනවා. නමුත් අපි කියලා තියෙන්නෙ නෑ, එච්චර ඉක්මන් කරන්න එපා, අපිත් ලෑස්ති වෙන්න ඕනෙ රජයක් පිහිටුවන්නට කියලා”
ප්‍රශ්නය – ඒ කියන්නෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඔබතුමාලාත් එක්ක …. ?
“ඕනෙ කෙනෙක් එක්ක පුළුල් එක්සත් පෙරමුණක් අපි හදනවා. මේ ආණ්ඩුව පෙරළනවා, පෙරළලා ඉවරවෙලා ඉතාමත්ම ඉක්මන් දිනක ආණ්ඩුවක් හදනවා. උදේ නැගිටින කොට ඔයා අන්න නිව්ස්වල තියෙයි ආණ්ඩුව ඊයෙ රෑ පෙරළුණා කියලා”
ප්‍රශ්නය – වෙසක් පෝය තව කීයක් යයිද?
“කවදාවත් වෙසක් පෝය ගණන් මේ ආණ්ඩුව යන්නෙ නෑ, මේ ආණ්ඩුව යන්නෙ මේ ඉරිදා සර්මන්ට්ස්වලින් විතරයි”
ප්‍රශ්නය – ඒ කියන්නෙ ඊළඟ පාරත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාව විශ්වාස කරනවාද ?
“නෑ, නෑ, නෑ … එන එක්කෙනෙක් ආපුවාවේ … ඒගොල්ලොන්ට මොනවද දෙන්නෙ කියන තැනනෙ තියෙන්නෙ. ආණ්ඩුව කරන්න කවුද කියන එකනෙ. ගිය සැරේ වැරදිත් දැනගෙන ඉතුරු ටික එනසැරේ කරනවා හොඳට”
රාජිත සේනාරත්න මේ බව පැවසුවේ ඊයේ (17) බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.