හොර ඉන්ධන ගබඩා සොයා රට පීරයි…! පැය 24න් ඉන්ධන ලීටර් 21 000ක් අත්අඩංගුවට…!

April 13, 2022 at 2:32 pm | by emanisa.lk

නීති විරෝධී ලෙස ගබඩා කර ඇති ඉන්ධන තොග සොයා විශේෂ මෙහෙයුමක් මේ වන විට රට පුරා ආරම්භ කර තිබේ.

ඒ අනුව ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා මෙවැනි ස්ථාන 67ක් වටලා තිබේ.

එහි දී ඩීසල් ලීටර 10 115ක්, ප්‍රෙල් ලීටර 5690ක් සහ භූමිතෙල් ලීටර 5620ක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ මගින් මෙම මෙහෙයුම් දියත් කර තිබේ.

මේ වන විට ඉන්ධන බවුසර් පිටින් ලක්ෂ 3-4 වැඩි පුර ගෙවා අතරමග බා ගන්නා සැලසුමක් ක්‍රියාත්මක බවත් ඉන්ධන හිගයක් මතු වීමට මෙය ද මූලික හේතුවක් බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *