චීනයේ දැඩි ඉන්ධන හිඟයක්…! බෙදා හැරීම සලාක ක්‍රමයට..! ගෑස් නැතිව කම්හල් වැසේ…! නිවාසවල විදුලිය බිඳ වැටේ…!

October 29, 2021 at 10:19 pm | by emanisa.lk

චීනයේ ඉන්ධන පිරවුම්හල්වල සලාක ක්‍රමයට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අධික ලෙස මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම හේතුවෙනි.

ගල් අඟුරු සහ ස්වභාවික ගෑස් හිඟය හේතුවෙන් කර්මාන්ත ශාලා වසා දමා ඇති බව ද සඳහන් වන අතර නිවාසවලට විදුලිය ද ඇනහිට ඇති බව සඳහන් වෙයි.

සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා ට්‍රක් රථ සඳහා ලීටර් 100ක උපරිමයක් ඉන්ධන ලබාදෙන අතර, ඇතැම් ප්‍රදේශවල එය ලීටර් 25 දක්වා සීමා කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය හමුවේ ගෝලීය සැපයුම් ක්‍රියාවලියට ද බාධා එල්ල වීමට ඉඩ ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *