ඉන්ධන හිඟය ගැටුම්වලට පෙරළෙයි..! ඉන්ධන හල්වලට පොලිස් ආරක්ෂාව…!

March 1, 2022 at 10:36 pm | by emanisa.lk

රටපුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඊට අදාළව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

ඉන්ධන හිගය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශාල ලෙස ඒකරාශී වන මහජනයා පාලනය කිරීම සඳහා සහ කළහකාරී සිදුවීම් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකාර්මික කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා බූලි රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත්, සංචාරක කටයුතු, ගිලන් රථ, ගිනි නිවීමේ රථ වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම වැඩපිළිවෙලට අනුව සෑම ඉන්ධන හලක් ආශ්‍රිතවම පොලිස් නිළධාරීන් රැඳවීමට නියමිතය.

ඉන්ධන හිගය හේතුවෙන් ජනතාවට පැය ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇති අතර මේ නිසා පසුගිය දින කිහිපය පුරා ඇතැම් ඉන්ධන හල් ආශ්‍රිතව නොසන්සුන්කාරී තත්වයන් වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *