හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප ගිණුමට එකතු වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .
මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරන අතරතුර කිසිදු අවසරයක් නොගෙන රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.