අපි ප්‍රමුඛතාව දෙන්නේ රට සංවර්ධනය කරන්න…! ඒ නිසා හොරු අල්ලන්න වෙලාවක් නෑ…! – ජොන්ස්ටන්….

August 6, 2021 at 1:58 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මංතීරු 06ක කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරීම් බිලියන 66ක ලබා දුන් බවත් ඊට පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එම මුදලට ම මාර්ගයේ මංතීරු ප්‍රමාණය 04 දක්වා අඩු කර ඉදිකිරීමට ලබා දුන් බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මෙම ගනුදෙනුවේ දී විශාල දූෂණයක් සිදුව ඇති බව පැහැදිලි වුව ද තම ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ හොරු ඇල්ලීමට නොව රට සංවර්ධනය කිරීමට බව ද සඳහන් කළේ ය.

කෙසේ වුව ද මෙම ගනුදෙනු පිළිබඳ සොයා නොබැලීම ප්‍රශ්නයක් නිසා ඉදිරියේ දී ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගය අවුරුදු 02කට පෙර විවෘත විය යුතු වුව ද පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ගේ සමාගම්වලට එහි කොන්ත්‍රාත් කටයුතු ලබා දීම නිසා එම සැලසුම් බිඳ වැටී ඇති බවත් හැකි ඉක්මනට එහ කටයුතු අවසන් කර මාර්ගය විවෘත කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

අද (06) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *