හොඳ හොඳ සෙල්ලම් හෙට අනිත්දට…! පාස්කු කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට…!

February 22, 2022 at 2:09 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දී තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, කථානායක මහින්ද යාපා අබේවර්ධනට එම වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද (22) පෙරවරුවේ භාර දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාරදුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශ කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *