හොටෙල්වලට රු. 46ට බිත්තර දෙනවා…! රු. 35ට බිත්තර දෙන්න ආවොත් ගහල එළවනවා..! – කැන්ටින් අසේල…

April 1, 2023 at 6:16 pm | by emanisa.lk

ලංකාවේ බිත්තර තබා ගත හැක්කේ සති දෙකක් පමණක් නම් ඉන්දියානු බිත්තර මාස තුනක් කල් තබාගත හැක්කේ කෙසේ දැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රශ්න කරයි.

මෙම බිත්තර කල් තබා ගැනීම සඳහා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නම් තුවාල හෝදන බෙහෙතක් යොදා ඇති බවට ද ඔහු චෝදනා කළේය.

බේකරි සඳහා රු. 35ක් බැගින් ලබා දෙන බිත්තර ආපනශාලා සඳහා ලබා දීමට උත්සාහ කළහොත් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රධානීන්ට කුණු බිත්තර ගසන බවට අසේල සම්පත් අනතුරු ඇඟවූයේ ය.

සියලු ආපනශාලා සඳහා රු. 46 බැගින් බිත්තර ලබා දීමට දේශීය කුකුළු ගොවිපළ හිමියන් සූදානම් බව ද හෙතෙම කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *