බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය..! ගණන් ඉස්සූ බිත්තර සංගමය පසුබසී…!

January 3, 2023 at 8:40 am | by emanisa.lk

වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩි වී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

බිත්තර සඳහා වෙළඳපොළේ ඇති වී තත්ත්වය පහදා දී ඇති වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුව ද බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ බිත්තර ආනයනය කළහොත් දේශීය බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවත් මෙය බිත්තර ආනයනයෙන් නොව සාකච්ඡාවෙන් විසඳාගත යුතු ගැටලුවක් බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *