ලොරි බිත්තර නාඩගම නවතනු…! රු. 30ට බිත්තර විකුණන්න අපි සූදානම්…! – බේකරි සංගමය…

January 1, 2023 at 8:00 pm | by emanisa.lk

අධික ලෙස ඉහළ යන බිත්තර මිල හමුවේ බේකරි කර්මාන්තය පවත්වා ගෙන යාමේ දැඩි ගැටලුවක් ඇති වී තිබෙන මේ අවස්ථාවේ තමන්ට බිත්තර ආනයනයට අවසර දෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ඉල්ලයි.

ඊයේ (31) දින මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම රජයෙන් එය ඉල්ලා සිටියේය.

මෙහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඉන්දියාව හා පකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට තම සංගමයට අවසර දෙන්නේ නම් රුපියල් 30/= ත් 35/= ත් අතර මිලකට බිත්තර ලබා දීමට තමන්ට හැකි බවය.

බිත්තර මිල මේ වනවිට රුපියල් 70/= පමණ මිලකට ඉහළ ගොස් ඇති නිසා පාන් හැර අන් සියලුම බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරිකරුවන්ට සිදු වන බව ද ඔහු මෙහිදී පැවසීය.

ලොරිවලින් ගෙනත් රුපියල් 55/= කට බිත්තර අලෙවි කරන බව කියමින් කරන නාටකය නතර විය යුතු බව ද හේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *