නව සන්ධානයට එරෙහිව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති ගෙදර යයි..!

January 16, 2023 at 9:42 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන හිටපු අමාත්‍ය නීතිඥා ෆයිසර් මුස්තාෆා එම තනතුරෙන් සහ පක්ෂයෙන් ඉල්ලා අස්ව තිබේ.

ෆයිසර් මුස්තාෆා මහතා ඊයේ (15) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වී අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනට ලබා දී ඇත.

ශ්‍රීලනිපය උත්තර සභාගය ඇතුළු පක්ෂ සමග සන්ධානගත වීමට එරෙහිව මුස්ලිම් ජනතාව එල්ල කළ විරෝධය නිසා මුස්තාෆා මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *