හෙලිකොප්ටරේ කඩා වැටේ..! දෙකට තුනට බෙදී මරා ගනී..! මූලස්ථානයත් වසා දැමේ..!

January 20, 2024 at 6:27 pm | by emanisa.lk

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව මේ වන විට කැබලිවලට කැඩී ගොස් තිබේ. එහි කොටසක් සමගි ජන බලවේගයට එකතු වී ඇති අතර තව පිරිසක් රොෂාන් රණසිංහ සහ අර්ජුන රණතුංග සමග සිටිනු දැකගත හැකිය.

මේ අතර පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් තැබීමට සූදානම් වූ චරිත හේරත්ට තවත් මන්ත්‍රීවරයෙකු ඊට එරෙහි වීම නිසා මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදු වූ බව ද වාර්තා වෙයි.

නිදහස ජනතා සභා මූලස්ථානය සඳහා ගෘහ භාණ්ඩ ලබා දුන් ජී.ඇල්. පීරිස් මේ වන විටත් ඒවා ඉවත් කරගෙන තිබේ. මේ වන විට විවිධ කණ්ඩායම් පැමිණ ගැටුම් ඇති කර ගැනීම සඳහා භාවිත කරන පක්ෂ මූලස්ථානය නුදුරේ දී ම වසා දමනු ඇතැයි ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *