අද පොහොට්ටුව තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ..! – ඩලස්..

March 19, 2023 at 3:24 pm | by emanisa.lk

රටේ පළාත් පාලන ආයතන අහෝසි වී එහි බලය රනිල් වික්‍රසිංහ අතට පත්වන බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම පවසයි.

පළාත් සභා, පළාත් පාලන ආයතන සහ පොහොට්ටුව ඇත්තේ වික්‍රමසිංහ මල් ශාලාවේ බවයි, ඔහු සඳහන් කළේ.

එමෙන් ම පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිසම අද ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ බව ද හෙතෙම කීය.

එපමණක් නොව ශ්‍රේෂ්ඨාධීකරණය ඇත්තේ හදිසි අනතුරු ඒකකයට ඇතුළු කොට බව ඩලස් අලහප්පෙරුම වැඩි දුරටත් පැවසීය.

නිදහස ජනතා සභාවේ මහනුවර ජන හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *