අපේ සන්ධානය පොහොට්ටුවටයි ජවිපෙටයි හිසරදයක් වෙලා…! – වාසු…

January 17, 2023 at 7:56 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ සිය උත්තර ලංකා සභාගය එකතු වී නිර්මාණය කළ නව සන්ධානය ප්‍රතිවාදීන්ට විශාල හිසරදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සිය සමගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙන් ම ජනතා විමුක්ති පෙරමුණට ද විශාල තර්ජනයක් වීම නිසා එය බිඳවීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.

වාසුදේව නානායක්කාර මේ බව ප්‍රකාශ කළේ, පසුගිය 11 වන දා පෙර කී පාර්ශ්ව එකතු වී ගොඩනැඟූ නිදහස් ජනතා සන්ධාානයෙන් මේ වන විටත් එහි ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රීලනිපය ඉවත් වීමට තීන්දු කොට ඇති පසුබිමකය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් තම කණ්ඩායම සමග එකතු වී වැඩ කළ යුතු බව ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් එය බිඳදැමීමට කටයුතු කරන්නේ පෙර කී පාර්ශ්වවල උවමනාව ඉටු කිරීමට බවට ද හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර චෝදනා කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *