සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පසුගිය සතියේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 15ක් ශූන්‍ය වී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සඳහා ලබා දෙන ඖෂධ, ශ්වසන පද්ධතියේ ආබාධ සඳහා ලබා දෙන ඖෂධ, අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ මෙන් ම පිළිකා නාශක ඖෂධ කිහිපයක තොග මෙලෙස අවසන් වී ඇති බව ද වාර්තා වෙයි.
ඒ අනුව මේ ආකාරයෙන් යම් ඖෂධ තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොතිබීම ඉදිරි කාලය සඳහා ද අනතුරුදායක තත්ත්වයක් මතු කරන බවත් මේ වන විටත් බොහොමයක් ඖෂධ තොග ඉදිරි සති දෙකක කාලය සඳහා හෝ ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කීය.