හූල් NGO සමග රජයට එරෙහිව කටයුතු කරලා! කයිට්ස් අධිකරණ වරෙන්තුව නොතකා රටින් පනී!

June 11, 2020 at 8:49 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද්විත්ව පුරවැසියකු වන අතර ඔහුට එරෙහිව 2011 දී කයිට්ස් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.

ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව හූල්ට කයිට්ස් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කළත් ඔහු ඇමරිකාවට පලාගොස් තිබේ.

රත්නජීවන් හූල් රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව රජයට එරෙහිව කටයුතු කරන බවට බුද්ධි අංශ සොයාගෙන ඇත.

ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස ද්විත්ව පුරවැසියකුට කටයුතු කළ නොහැකි බව පැවසෙන අතර
ඔහු නයිජීරියානු පුරවැසියකු බව වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස