හුදු රාජපක්ෂ විරෝධී සන්ධාන වැඩක් නෑ…! ප්‍රතිපත්ති මත ගොඩනැඟුණු විකල්පයක් ඕන…!

July 25, 2021 at 11:21 pm | by emanisa.lk

1948 ඩී.එස්. සේනානායකගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා යහපත් චේතනාවෙන් දියත් කළ ඇතැම් කටයුතු සඳහා පවා ඊනියා දේශප්‍රේමය නාමයෙන් හරස් කැපූ සියලු දෙනා රටේ වර්තමාන පරිහානියට වගකිව යුතු යැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මංගල සමරවීරගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන සැබෑ දේශප්‍රේමියෝ මංගල මාධ්‍ය හමුවට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

“පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්න උත්සාහ කරනවා. ඒවා එතැනින් ම හබක් වෙනවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.”

මංගල සමරවීර වෙන වෙන අයට පාරවල් කපන කාලය අවසන් බව ඔහු සඳහන් කළේ විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමට සැලසුම් කරන බවට පැතිරෙන කතා පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කළ විට ය.

කොළඹ ඩාලි පාරේ ‘ෆ්‍රීඩම් හබ්’ (Freedom Hub)හි අද (25) පැවැති මෙම මාධ්‍ය හමුව ආරම්භ කලේ අභාවප්‍රාප්ත කිලී මහරාජා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා සිරස මාධ්‍ය ජාලයේ අධිපතිවරයා වෙත ගෞරවාචාරය පුදකරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *