හිරුණිකාට සමගි බලෙන් කුඩම්මාගේ සැලකිලි…! තනතුරක් තබා කෘත්‍යාධිකාරියටත් නෑ…!

January 26, 2021 at 8:41 am | by emanisa.lk

සමඟි ජන බලවේගය ගොඩනැඟීමේ දී විශාල දායකත්වයක් ලබා දුන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එහි කිසිදු තනතුරක් හිමිව නැතැයි වාර්තා වෙයි.

ඊයේ (26) එහි පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කළ අතර එය සාමාජික සාමාජිකාවන් 30කගෙන් සමන්විත ය.

එහි කාන්තා නියෝජනය සඳහා ආසන 04ක් පමණක් හිමිව ඇති අතර ප්‍රධාන තනතුරු 10 අතර කිසිදු කාන්තා නියෝජනයක් නොමැත.

හිරුණිකා පසුගිය මහා මැතිවරණයේ දී පරාජයට පත් විය. කෙසේ වුව ද පසුගිය මහා මැතිවරණයේ දී පරාජයට පත් වූ අජිත් පී. පෙරේරා සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස