ඇඩොල්ෆ් හිට්ලර් යනු කිසිසේත් ම නායකත්ව මොඩලයක් නොවන බව ශ්‍රී ලංකා ජර්මන් තානාපති හොල්ගර් සර්බට් පවසයි.
ශ්‍රී ලංකාවට හිට්ලර් වැනි නායකයෙකු උවමනා යැයි තමන්ට අසන්නට ලැබුණු බව සඳහන් කරමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔහු දස ලක්ෂ සංඛ්‍යාත ජන ඝාතනයක් සඳහා වගකිව යුතු අයෙකු බව ද ට්විටර් සටහනක් තබමින් අවධාරණය කරයි.
පසුගියදා රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සඳහන් කළේ ආණ්ඩුවට දොස් ඇසීමට සිදුව ඇත්තේ හිට්ලර් වැනි නායකයෙකු නොවූ නිසා බව ය.