හිටපු රාජ්‍ය ඇමති මොහාන් රාජ්‍ය දේපළ අවභාවිතයේ! ඇමති වාහන පහක් ගාල්ලේ ඡන්ද වැඩවල!

July 3, 2020 at 10:53 am | by emanisa.lk

අධිකරණ අමාත්‍යාංශයේ වාහන පහක් තවමත් හිටපු අධිකරණ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා භාවිත කරන බවට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

එම වාහන ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම වාහන මෙතෙක් භාරදී නොමැති බවට අධිකරණ අමාත්‍යාංශය ද පිළිගෙන ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබේ.

සිය නිල වාහන භාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා ඇති අතර, වාහන භාර දීමට වහාම කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස