හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නත් අභිරහස් ලෙස මරුට…. පාස්කු ප්‍රහාර විමර්ශන සහ අරගල සමයේ පොලිස්පති ඔහුයි…!

July 17, 2026 at 11:01 am | by emanisa.lk

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. එය සියදිවි හානි කරගෙන ගැනීමක් යැයි සැක කෙරෙයි.

වෙඩි වැදීමෙන් අනතුරුව හිටපු පොලිස්පතිවරයා අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.

පොලිස්පති ධුරයට පත්වීමට පෙර ඔහු දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

ඔහු එම තනතුරේ ස්ථිර කරන ලද්දේ 2020 නොවැම්බර් 25 වන දින වන අතර 2023 නොවැම්බර් 25 වන දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේය. පාස්කු ප්‍රහාර විමර්ශන ක්‍රියාත්මක වන සමයේද පසුගිය අරගල සමයේද පොලිස්පතිරයා ලෙස කටයුතු කළේ සී.ඩී. වික්‍රමරත්නය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *