පොලිස්පතිට සේවා දිගුවක්…! දේශබන්දුට බලා ඉන්න වෙයි..!

March 25, 2023 at 1:05 pm | by emanisa.lk

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා කාලය අද (25) දින අවසන්වීමට නියමිතව තිබුණි.

කෙසේ වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *