නීති විරෝධී ගිනි අවි ඔත්තුවකට ලක්ෂ ගණනින් තෑගි…! ලැයිස්තුව මෙන්න…!

June 25, 2023 at 6:55 pm | by emanisa.lk

රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කරන පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුරවන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහළ නැංවීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කරයි.

ඒ අනුව අද සිට ජුලි මස 31වනදා දක්වා කාලය තුළ සිදු කරනු ලබන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ත්‍යාග මුදල් පිරිනැමීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවෙකු සමඟ ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට ගෙවන මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසක් ද ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලික ඔත්තුකරුවන් සඳහා ද රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

සැකකරුවෙකු නොමැතිව ටී 56 වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට පිරිනමන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ දෙකකි. ඔත්තුකරුවෙකුට හිමිවන මුදල් රුපියල් දෙලක්ෂ පනස් දහසකි.

රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ විශේෂ නිවේදනය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස