හිටපු නීතිපති දප්පුල නැවතත් ජනතා සේවයට…! නිශාරා ජයරත්නගේ පියාගේ නඩුවකට උසාවියේ…!

July 29, 2021 at 2:41 pm | by emanisa.lk

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා නීතිපති තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව යළි නීතිඥයෙකු ලෙස කටයුතු ආරම්භ කර තබේ.

ධුරයන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහුට විදෙස් තානාපති සේවය සඳහා ආණ්ඩුවෙන් ආරාධනාවක් ලැබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඒ, රටේ ජනතාවට තව දුරටත් සේවය කිරීමට අවශ්‍ය බව පවසමිනි.

ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩුවක් වෙනුවෙන් ඔහු පෙනී සිට තිබේ. ඒ ජයරත්න මල් ශාලාවට අයත් මීගමුවේ පිහිටි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එරෙහිව පැවැති නඩුවකි.

මෙම නඩුව අද යළිත් විභාගයට ගත් අවස්ථාවේ දී දප්පුල ද ලිවේරා පෙන්වා දුන්නේ අදාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වැළැක්වීමේ තීන්දුවක් ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට නෛතික බලයක් නොමැති බවය.

විත්ති පාර්ශ්වයේ නීතිඥයන් පෙන්වා දුන් කරුණු පිළිගනිමින් අදාල පැමිණිල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත නියෝග කළේය.

දප්පුල ද ලිවේරා පෙනී සිට ඇත්තේ ජයරත්න මල්ශාලාව වෙනුවෙනි. ජයරත්න මල් ශාලාව හිටපු නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ නීතීඥ නිශාරා ජයරත්නගේ පියාට අයත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *