හිටපු ජනපති ගෝඨාභය නැවතත් කරළියට…! ජනපති මෝදිගේ සමීපතමයා සමග සාකච්ඡාවක්..!

September 30, 2022 at 7:52 pm | by emanisa.lk

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක් කොළඹ දී හමුවී තිබේ.

සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට විදෙස් කුමන්ත්‍රණකරුවන්ට ඉඩනොදිය යුතු බවත් වහාම ඉන්දීය හමුදාවක් ලංකාවට යැවිය යුතු බවත් ප්‍රකාශ කළේ ඔහුය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගි වීම සඳහා පැමිණි අතරතුර දී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *