රාජපක්ෂ පාලනය රකින්න ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට…!

July 11, 2022 at 9:44 am | by emanisa.lk

රාජපක්ෂ ආණ්ඩුව රැකගැනීමට ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මෙන් ම මහින්ද රාජපක්ෂ ද ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගත් නායකයින් බව පවසන ස්වාමී, එවැනි ආණ්ඩුවක් කඩාකප්පල්කාරීන් පිරිසකට බිඳ දැමීමට ඉන්දියාව ඉඩ දෙන්නේ දැයි ප්‍රශ්න කරයි.

එහෙයින් රාජපක්ෂ පාලනය ඉල්ලා සිටින්නේ නම් ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට යැවිය යුතු බව ඔහු අවධාරණය කරයි.

කෙසේ වුව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙය ඉන්දීය ආණ්ඩුවේ මතය නොවන බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *